ජොකොවිච්ගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් සිහිනය බොඳ කළ 21 හැවිරිදි කොලුගැටයා

ලෝක ශූර සර්බියාවේ නොවැක් ජොකොවිච්ගේ 25වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා සිහිනය බොඳ කිරීමට 21 හැවිරිදි ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් ඊයේ සමත්වුණා.

ඒ විම්බල්ඩන් විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ අවසන් මහා තරගයේදී ජොකොවිච් පරාජය කරමින් ශූරතාව අල්කරාස් හිමිකරගනිමින්.

අල්කරාස් අඛන්ඩව විම්බල්ඩන් ටෙනිස් ශූරතාව හිමිකරගත් දෙවැනි අවස්තාව මෙයයි.

විම්බල්ඩන් විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාලත්තේ සර්බියාවේ නොවැක් ජොකොවිච් සහ ස්පඤාඤ්යේ කාලෝස් අල්කරාස්.

ජොකොවිච් සිය 25 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවෙන් පිටියට පිවිසි අතර අල්කරාස් පිටියට පිවිසියේ අඛණ්ඩය සිය දෙවැනි විම්බල්ඩන් ටෙනිස් ශූරතාව තමන් සතු කරගැනීමේ බලාපොරොත්තුව සහිතයි.

විම්බල්ඩන් අවසන් මහා තරගය නැරඹීම සඳහා කේට් කුමරියද එක්ව සිටියා.

අවසන් මහා තරගයේ පළමු වටයෙ පටන් ජොකොවිච්ට 21 හැවිරිදි අල්කරාස්ගෙන් විශිෂ්ඨ අභියෝගයක් හිමිවුණා

තරගයේ පළමු වටය ලකුණු 6 ට 2ක් ලෙස ජයගත අල්කරාස් දෙවන වටයත් ලකුණු 6 ට 2ක් ලෙස ජයගත්තා

අල්කරාස්ට අභියෝගයක් එල්ල කිරීමට එම වට දෙකේදීම ජොකොවිච් සමත් නොවු අතර තුන්වන වටයේදී ජොකොවිච් යම් අභියෝගයක් සිය ප්‍රතිවාදියාට එල්ල කළා.

නමුත් එම වටයත් තියුණු තරගයකින් පසු ලකුණු 7 ට 6ක් ලෙස ජය ගැනීමට කාලෝස් අල්කරාස්.
සමත්වුනා

ඒ අනුව 2024 විම්බල්ඩන් ටෙනිස් ශූරතාව තමන් සතු කරගැනීමට කාලෝස් අල්කරාස් සමත්වුණා.

අල්කරාස් දිනාගත් දෙවැනි විම්බල්ඩන් ටෙනිස් ශූරතාව මෙය වන අතර ඔහු පසුගිය වසරේදීද ජොකොවිච් පරාජය කරමින් මෙම ශූරතාව හිමිකරගැනීම විශේෂත්වයක්.

අල්කරාස් මේවනවිට දිනාගෙන ඇති සමස්ථ ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා ගණන 4ක්.

මේ අතර ඊයේ පරාජයත් සමඟ ලෝක ශූර ජොකොවිච්ට මෙම වසරේදී එකම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවක්වත් ජයගැනීමට හැකි වුණේ නැහැ

අවසන් මහා තරගයෙන් පසු ජොකොවිච් සඳහන් කළේ අල්කරාස් පරාජය කිරීමට තරම් තමන් ජගතෙක් නොවන බවයි.

ඒ අතර මේ ඔහුගේ අවසන් විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය නොවන බවටත් 37 හැවිරිදි ජොකොවිච් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *