පුංචි කෙල්ලෙක් බිඳ දැමූ වසර 32ක් පැරණි ශ්‍රී ලංකා පිහිනුම් වාර්තාව

කොළඹ සුගතදාස පිහිනුම් ක්‍රීඩා සංකීර්ණයේදී මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා පිහිනුම් තරගාවලියේදී වසර 32ක් පැරැණි වාර්තාවක් බිඳ දැමීමට කොළඹ මියුසියස් විද්‍යාලයේ රුශේලි දිසානායක ඉකුත්දා සමත් වුණා.

ඒ වයස 14න් පහළ බාලිකා කාණ්ඩයේ මීටර් 200 නිදහස් ආර කනිෂ්ට ඉසව්ව ජය ගනිමින්.

එහිදී විනාඩි 2යි තත්පර 23.18කට ඉසව්වේ රන් පදක්කම ඇය විසින් දිනා ගන්නා විට 1992 තරගාවලියේදී මෙම ඉසව්වෙන් විනාඩි 2යි තත්පර 24.66කට උපේක්ෂා සිල්වා විසින් එතෙක් පිහිටා තිබූ වාර්තාව බිඳ වැටුණා.

පසුගිය දින 03 පුරාවට ඇය විසින් වාර්තා තුනක් ඇයගේ නම ඉදිරියෙන් සටහන් කර ගැනීමට සමත් වී තිබීමද කැපී පෙනුනා.

දින 6ක් පුරාවට මෙම පාසල් පිහිනුම් තරගාවලියට පාසල් සිසු සිසුවියෝ 5,300ක් ඉදිරිපත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *