ඉන්දිකගෙන් ලක්මවට ලෝක ශූරතා පැරා පදක්කමක්

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියොජනය කළ ඉන්දික ගමගේ අද සමත්වුණා.

ඒ T44 පිරිමි මීටර 100 ඉසව්වෙන්.

ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා උලෙළ මේ දිනවල ජපානයේදී පැවැත්වෙන අතර එහි අද පැවැති T44 පිරිමි මීටර 100 ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දික ගමගේ සහභාගි වුණා.

එම ඉසව්ව තත්පර 11යි දශම 8යි 3කින් නිම කළ ඉන්දික ලෝකඩ පදක්කම දිනා ගත්තා.

රන් පදක්කම දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙකු සහ රිදී පදක්කම මැලේසියා ක්‍රීඩකයෙකු විසින් දිනා ගනු ලැබුවා.

මෙවර ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්කම මෙයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *