ඩිලන්ත මාලගමුව ඉතාලියේදී වැඩ පෙන්වයි

ඉතාලියේ මිසානෝ ( Misano ) ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ පැවැති යුරෝපියානු තරගාවලියේ ඇමරිකානු ජාතික GT4 ඒ.කැන්ටු සමග යුගල ධාවනයක නිරත වූ ඩිලන්ත මාලගමුව එහි දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

මෙහි දෙවෙනි තරගයට සහභාගි වූ ඩිලන්තගේ මෝටර් රථය අනතුරකට ලක්වීම නිසා විනාඩි 15 කට තරගයෙන් ඉවත්ව සිටීමට සිදුවුණද යළි තරගයට එක්ව තරගය අවසන් කිරීමට ඩිලන්ත හා සහායක රියදුරුට හැකියාව ලැබුණා.

මෙම යුරෝපියානු GT4 මෝටර් රථ තරගාවලියට සහභාගි වන එකම ආසියානු ධාවකයා ඩිලන්ත මාලගමුව වනවා.

මර්සිඩීස් ASG GT4 වර්ගයේ මෝටර් රථයකින් මෙම තරගාවලියේදී ඩිලන්ත තරග වැදීමට නියමිතයි.

මෙම තරගාවලියේ මීළඟ තරගය ජූනි 28 දා ස්පාහිදී පැවැත්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *