අරුණලා සහ නදීෂාලාට ආසියානු පදක්කමක්

පළමු වරට සංවිධාන කෙරුණු ආසියානු සහාය දිවීමේ ශුරතා තරගාවලියේ මීටර 400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වට එක් වූ ශ්‍රී ලංකාව එහි රිදී පදක්කම දිනා ගත්තා.

තායිලන්තයේ පැවැත්වෙන මෙම ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ අරුණ දර්ශන, නදීෂා රාමනායක, පසිඳු කොඩිකාර සහ සයුරි මෙන්ඩිස්.

තරග ආරම්භයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කරට කර සටනක් පැවති අතර ශ්‍රී ලංකාව විනාඩි 3යි තත්පර 17කින් තරගය නිම කරමින් රිදී පදක්කම දිනා ගත්තා.

ඉන්දියාව රන් පදක්කම දිනා ගත් අතර ලෝකඩ පදක්කම දිනාගත්තේ වියට්නාමයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *