ආසියානු රග්බි ශූරතා පළමු කොටසේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 30,000ක මුදල් ත්‍යාගයක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙරද ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනමා තිබුණා.
