ආසියානු රග්බි පළමු කොටසේ ශූරතාව දිනා ගැනීමට සත්කාර ශ්‍රී ලංකාව අද සමත්වුණා.
ඒ අවසන් මහා තරගයේදී කසක්ස්තානය ලකුණු 45ට 7ක් ලෙස පරාජය කරමින්.
ආසියානු රග්බි පළමු කොටසේ පිරිමි රග්බි තරගාවලියේ අවසන් මහ තරගය කොළඹ තුරග තරග පිටියේදී අද පැවැත්වුණේ සත්කාරක ශ්‍රී ලංකාව සහ කසක්ස්තානය අතරයි.
ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ ශ්‍රී ලංකාව පළමු අර්ධයේදී ලකුණු 31ක් ලබාගත්තේ කසක්ස්ථානයට කිසිදු ලකුණක් ලබා නොදෙමින්.
දෙවන අර්ධයේදී ශ්‍රී ලංකාව තවත් ලකුණු 14ක් රැස් කළ අතර එම අර්ධයේදී කසක්ස්තානය ලකුණු 7ක් රැස්කළා.
තරගය ලකුණු 45ට 7ක් ලෙස ජය ගත් සත්කාරක ශ්‍රී ලංකාව ආසියානු රග්බි පළමු කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත්වුණා.
