ශ්‍රී ලංකාවට ආසියානු කැරම් පදක්කම් 3ක්

මාලදිවයිනේ පැවති 06 වන ආසියානු කැරම් ශූරතා තරගාවලියේ කාන්තා කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කම සහ පිරිමි කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

ශ්‍රී ලංකා පිරිමි කැරම් කන්ඩායම නිශාන්ත ප්‍රනාන්දු,සහීඩ් හිල්මි,අනාස් අහමඩ්, හසිත අනුරුද්ධ නියෝජනය කළ අතර කාන්තා කණ්ඩායම නියෝජනය කළේ ජෝශප් රොශිටා, තරුශී හිමහන්සිකා, ටශ්මිලා කාවින්දි සහ හිරුශි මල්සානියි.

කාන්තා යුගල කැරම් තරග ඉසව්වට එක් වූ ජෝශප් රොශීටා සහ ටශ්මිලා කාවින්දි එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *