චමරිලා අපරාජිතව අවසන් පූර්ව වටයට

2024 කාන්තා 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට අපරාජිතව සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත්වුණා.

ඒ තරගාවලියේ පළමු වටය යටතේ තමන් සහභාගී වූ අවසන් තරගයේදී අමෙරිකා කණ්ඩායම පරාජය කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දිමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 123ක්.

විශ්මි ගුණරත්න ලකුණු 25ක් රැස්කළ අතර හංසිමා කරුණාරත්න නොදැවි ලකුණු 25ක් රැස්කළා.

ලකුණු 124ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි අමෙරිකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවි රැස්කර ගත හැකිවූයේ ලකුණු 105ක් පමණයි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නායිකා චමරි අතපත්තු ලකුණු 14 ට කඩුලු තුනක් දවාගත්තා.

උදේශිකා ප්‍රබෝධනි සහ ඉනෝකා රණවීර එක් කඩුල්ල බැගින් දවාගත්තා.

තරගයේ වීරයා ලෙස චමරි අතපත්තු.

ඊයේ ලැබු ජයත් සමඟ අපරාජිතව කාන්තා 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.

එම තරගාවලියේ දෙවන වටයේ තරග හෙටින් ඇරඹීට නියමිතයි.

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේදී එක්සත් අරාභි එමීර් රාජ්‍ය කණ්ඩායම සමඟ තරග වදින අතර එම තරගය හෙට රාත්‍රී 9 ට පැවැත්වෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *