මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 3ක සහභාගිත්වයෙන් 20-20 තරගාවලියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කර තිබෙනවා.
මෙම තරගාවලියට 20-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් නම් කළ මූලික සංචිතයේ ක්‍රීඩකයින් සහභාගි විමට නියමිතයි.
මැයි මස 3 වැනිදා සිට 11 වැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.
මෙම කණ්ඩායම් තුන අතර තරග 12ක් පැවැත්වෙන අතර එම තරගවලින් අනතුරුව මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට නියමිතව තිබෙනවා.
