සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු කුසලාන ත්‍රී බයි ත්‍රී පැසිපන්දු තරගාවලියේ දෙවන වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ බී කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම බවට පත්වෙමින්.
ආසියානු කුසලාන ත්‍රී බයි ත්‍රී පැසිපන්දු තරගාවලිය මේ දිනවල සිංගප්පූරුවේදී පැවැත්වෙනවා.
ශ්‍රී ලංකාව මූලික වටයේදී බී කාණ්ඩයෙන් තරග වැදුණු අතර එහිදී ඉන්දුනීසියාව සමග පැවැති තරගය ලකුණු 21ට 14ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
උතුරු මරියානා දූපත් කණ්ඩායම සමග පැවැති තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 21ට 13ක් ලෙසයි.
තීරණාත්මක තුන්වන තරගය ප්‍රබල දකුණු කොරියාව සමග පැවති අතර තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේදී දකුණු කොරියාවට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත්වුණා.
ඒ අනුව මෙම තරගය ලකුණු 21ට 19ක් ලෙස තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව දෙවන වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වුණා.
ශ්‍රී ලංකා ත්‍රී බයි ත්‍රී පැසිබන්දු කණ්ඩායම දෙවන වටයේදී ජයග්‍රහණ අත්කරගත හොත් ඔවුන්ට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවනු ඇති.
