වැඩ පෙන්වූ ශ්‍රී ලංකා පාපන්දු පිල ජනපති හමුවෙයි

කොළඹ තුරඟ තරග පිටියේදී පැවති ෆිෆා සීරිස් සිවුකොන් පාපන්දු තරගාවලියේදී සුපිරි දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර හමුවක් ඉකුත්දා සිදු වුණා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

කොළඹ තුරඟ තරග පිටියේ පැවති ෆිෆා සීරිස් සිවුකොන් පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම පැපුව නිව්ගිනියාව සමග පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් කළ අතර භූතානය සමග පැවැති තරගය ගෝල 2ට බින්දුවක් ලෙස ජය හිමිකර ගත්තා.

මෙම තරගාවලියේදී සුපිරි දස්කම් දැක් වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඉකුත්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අතර ඊට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් ඇතුළු නිලධාරීන්ද එක්වුණා.

මෙහිදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම දිරිමත් කළ ජනාධිපතිවරයා පාපන්දු සංවර්ධනයට අවශ්‍ය සහාය ලබා දෙන බව ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *