හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ගේ සොහොයුරෙකු අත්අඩංගුවට

විරෝධි ලෙස සකස් කර අයථා ක්‍රම මගින් ලියාපදිංචි කර ඇති අංක CP GY 4672 දරණ අධි සුඛෝපබෝගි වී 8 වර්ගයේ ජීප්රථය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරණු ලැබු විමර්ශනය පරිදි හිටපු ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කල රොෂාන් රණසිංහට අයත් දඹුල්ල යූරෝ නිපොන් ආයතනයේ කළමණාකරු හිටපු අමාත්‍ය වරයාගේ ඥාති සොහොයුරු අංක 144/2 සේවාගම පොළොන්නරුව ලිපිනයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ තුෂාර ඉන්දික රත්නායක යන අයව රැවටීමේ කාර්යය සඳහා කුඨ ලේඛන සෑදීම, ඒ සදහා අනුබල දිම, කූට ලේඛන ඉදිරිපත් කිරීම සහ තීරු බදු නොගෙවා ආනයනය කර, නීති විරෝධි ලෙස සකස්කල වාහනයක් ළඟ තබා ගැනීමේ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වංචනික ලෙස ලංකාවට ආනයනය කර, ත්‍රී රෝද රථයක ලියාපදිංචි අංකයට අදාළ දත්ත වෙනස් කර කූඨ ලේඛන භාවිතා කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර පරිහරණය කරනු ලබන අංක GY 4672 දරණ ජිප් රථය, දඹුල්ල පොලිස් වසමේ පොහොරණ වැව ආසන්නයේ ඇති ෆින්ගර් ප්‍රින්ට් ගරාජය වෙත ටින්කර් කිරීම සදහා ගෙනවිත් ඇති බවට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට ලද නිර්නාමික දුරකථන ඇමතුමක් අනුව 2023.11.23 වන දින වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිළධාරින් කණ්ඩායමක් විසින් දඹුල්ල පොලිස් වසමේ ගරාජයක් තුළ තිබී GY 4672 දරණ ජිප් රථය අත්අඩංගුවට ගෙන දඹුල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර, දඹුල්ල අධිකරණය වෙත කරුණු වාර්තා කර මෙම අපරාධය සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

ඒ අනුව මෙම රථයේ ලියාපදිංචි සහතිකයේ 2003.01.09 දින සිට ලියාපදිංචි මුල් අයිතිකරු ලෙස අංක 422/ ඒ 01, පාගොඩ පාර, නුගේගොඩ ලිපිනයේ පදිංචි කළු ආරච්චිගේ නිශාන්ත ජයසූරිය නමින් ලියාපදිංචි වී ඇති අතර එවැනි නමකින් හෝ ලිපිනයකින් කිසිදු පුද්ගලයෙකු නොමැති බවයි තහවුරු කරගෙන ඇත්තේ.

එමෙන්ම මෙම ජීප් රථය 2019.09.16. දින කළු ආරච්චිගේ නිශාන්ත ජයසූරිය යන අයගෙන් වත්මන් හිමිකරු වශයෙන් නම සදහන් අංක 97, ගජනායක ගම, වලස් මුල්ල, මහනුවර ලිපිනයේ පදිංචි මොහොට්ටිගේ ජානක යන අය වෙත ලියාපදිංචිය මාරු වී ඇති අතර, එවැනි නමක් හෝ ලිපිනයක් ඇති පුද්ගලයෙකු නොමැති බව විමර්ශණ නිළධාරින් විසින් සොයාගෙන ඇත.

කරුණු මෙසේ තිබියදී මෙම ප්‍රශ්නගත ජීප් රථය 2019.11.25 වන දින අංක 144/2 සේවාගම පොළොන්නරුව ලිපිනයේ පදිංචි රොෂාන් රණසිංහ මංත්‍රිවරයාගේ ඥාති සොහොයුරාවන රත්නායක මුදියන්සේලාගේ තුෂාර ඉන්දික රත්නායක යන අය විසින් අංක 28, ශ්‍රී ධම්ම සිද්ධි මාවත, අස්ගිරිය, මහනුවර ලිපිනයේ පදිංචි වික්‍රමසිංහ ආරච්චිගේ පෙඩ්‍රික් ගුණවර්ධන යන අයගෙන් රුපියල් ලක්ෂ 70 ක අත්පිට මුදලට ලබා ගත් බව ජීප් රථයේ වර්තමාන හිමිකරුවන දැනට අත්අඩංගුවට පත්ව ඇති රත්නායක මුදියන්සේලාගේ තුෂාර ඉන්දික රත්නායක විසින් පවසා තිබෙනවා.

මේ බව සනාථ කිරීමට පෙඩ්‍රික් යන අය විසින් ලබා දුන්නා යැයි කියනු ලබන සිංහල අත්අකුරින් ලියන ලද ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත් කර ඇති අතර එනමුත් මෙම ෆෙඩ්‍රික් යන අය පිළිබඳව පරීක්ෂා කර බැලිමේදි ඔහුගේ බිරිඳ වන සදහන් කර ඇත්තේ ඔහු 2020 ජනවාරි 15 වන දින හෘදයාබාධයකින් මියගොස් ඇති බවයි.

මෙම සුඛෝපභෝගි ජීප් රථයේ වත්මන් හිමිකරු වන තුෂාර ඉන්දික රත්නායක යන අය සන්තකයේ තිබියදී 2023.02.08 වන දින අංක 175, රජ වීදිය, පදිංචි මුළු දිවයිනටම සාම විනිසුරු කේ. සී පෙරේරා යන අය ඉදිරියේ ලියා අත්සන් කර ඇති මෙහොට්ටිගේ ජානක යන අය නමින් වන ව්‍යාජ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර 2023.02.13 වන දින ඉහත රථයට අදාලව නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති අංක තහඩු 02 හා ස්ටිකරය ලබාගෙන එය ඉහත වාහනයට සවිකර වාහනය අත්අඩංගුවට පත්වන අවස්ථාව වන තෙක් පාවිච්චි කර තිබෙනවා.

එම අංක තහඩු ලබා ගැනීම සඳහා තුෂාර ඉන්දික රත්නායක යන අය විසින් පුද්ගලයෙකු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද බව ප්‍රකාශ කර ඇතත් එම පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව මතකයක් නොමැති බවට ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

මෙවැනි වාහනයක් ලංකාවට ගෙන්වා නොමැති බවට ජපානයේ සහ ලංකාවේ සමාගම සහ රේගුව විසින් කරුණු වාර්තාකර ඇත. මෙම වාහනය 2002 වර්ෂයේ නිෂ්පාදනය කර ඇති බවට සදහන් වූවද, එම වර්ගයේ වාහන ජපාන නිෂ්පාදන සමාගම විසින් වෙළදපලට නිකුත්කර ඇත්තේ 2014 වර්ෂයෙන් පසුව බවද සදහන්.

රොෂාන් රණසිංහ මංත්‍රීවරයා දූෂණ විරෝධි පෙරමුණේ නායකයා වශයෙන් දූෂණයට විරුද්ධව ප්‍රබල හඩක් නගන මංත්‍රීවරයෙකි.
මේ ආකාරයට ව්‍යාජලෙස ලේඛණ ඉදිරිපත් කර වාහන අමතර කොටස් ලෙස ගෙන්වා ලියා පදිංචි කර ඇති වී 8 වර්ගයේ වාහන 8ක් අල්ලස් සහ වංචා විමර්ෂන අංශය මගින් ද අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. මෙවැනි ආකරයෙන් සකස් කර ඇති වාහන සංඛ්‍යාව 200කට අධික බවට සැක කරණ අතර රජයට රුපියල් කෝටි ගණනක වංචාවන් සිදුකර ඇතිබව වාර්තා වනවා.

මෙවන් වාහන පිළිබදව ජනතාවගෙන් ලැබෙනු තොරතුරු අණුව ඉහත විමර්ශන සිදුකළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *