කඹ ඇදිල්ලේ වැඩි දස්කම් යුද හමුදාවෙන්

19 වැනි ජාතික කඹ ඇදීමේ ශූරතා තරගාවලිය ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාවට පත්වුණා.

පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම මෙහිදී දිනා ගත්තේ යුද හමුදා ක්‍රීඩා සමාජය විසින්.

ශ්‍රී ලංකා කඹ ඇදීමේ සංගමය විසින් සංවිධානය කරන 19 වන ජාතික කඹ ඇදීමේ ශූරතා තරගාවලිය පැවැත්වුණේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදීයි.

මේ සඳහා අවසන් වටයට තේරුණු පාසල් කණ්ඩායම් 49 ක් සහ ක්‍රීඩා සමාජ 10 ක් සහභාගී වුණා.

මේ සමාරම්භක උළෙල ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා කඹ ඇදීමේ සංගමයේ සභාපති මේජනර් ජෙනරාල් ජානක රණසිංහ ඇතුළු එම සංමයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙවර 19 වැනි ජාතික කඹ ඇදීමේ ශූරතා තරගාවලියේ ජ්‍යෙෂ්ඨ පිරිමි ශූරතාව යුද හමුදා ක්‍රීඩා සමාජය දිනා ගත් අතර අනුශූරතාව දිනා ගත්තේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයයි.

තෙවන ස්ථානය නාවික හමුදා ක්‍රීඩා සමාජය විසින් දිනා ගනු ලැබුවා.

ජ්‍යෙෂ්ඨ කාන්තා ශූරතාව යුද හමුදා ක්‍රීඩා සමාජය දිනා ගත් අතර අනුශූරතාව ගුවන් හමුදා ක්‍රීඩා සමාජය දිනා ගැනීමට සමත්වුණා.

කන්තා තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගත්තේ රද්දොළුගම එකමුතු ක්‍රීඩා සමාජයයි.

පාසල් කඹ ඇදීමේ තරගාවලියේ පිරිමි ශූරතාව හලාවත ජී.සී.එස් කොරයා මහා විද්‍යාලය දිනා ගත් අතර කාන්තා ශූරතාව බණ්ඩාරගම සද්ධාතිස්ස මහා විද්‍යාලය දිනා ගැනීමට සමත්වුණා.

තරග ප්‍රතිඵල පහතින්

19th National Tug of War Championship
2023.12.16
Samanala Ground – Galle

640 kg Senior Men

Champion – Army SC
Runners up – Airforce SC
Third place – Navy SC

560 kg Senior Women

Champion – Army SC
Runners up – Airforce SC
Third place – Ekamuthu SC Raddolugama

U-23 Men 600kg

Champion – Army SC
Runners up – Iron Arms SC Thalagama
Third place – Susitha SC Ganemulla

U-23 Women 500 kg

Champion – Army SC
Runners up – Rathnapura SC
Third place – Bathiya SC Thambuttegama

Catch Weight Men

Champion – Army SC
Runners up – Police SC

Catch Weight Women

Champion – Army SC
Runners up – Police SC

School Boys 480 kg

Champion – Chillaw Karawitagara GCS Koraya MV
Runners up – Bope Rajasinghe MV
Third place – Kaluaggala St John Bosco MV

School Girls 460 Kg

Champion – Bandaragama Saddathissa MV
Runners up – Bope Rajasinghe MV
Third place – Ampara Saddathissa MV

Leave a Reply

Your email address will not be published. Required fields are marked *