ලොව අංක එකේ හිටපු ටෙනිස් ක්‍රීඩිකා සිමෝනා හේලර් තමන්ට පැනවු තරග තහනමට එරෙහිව ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
හේලර් පවසන්නේ එම අභියාචනයෙන් ඇයට සාධාරණයක් ඉටු නොවුනහොත් ඇගේ ටෙනිස් දිවිය එතැනින් නිමාවන බවයි.
32 හැවිරිදි රුමේනියාවේ සිමෝනා හේලර්ට පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වුණා.
ඒ අනුව ඇයට සිව්වසරක තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය කටයුතු කළා.
ඇයගේ එම තහනම අවසන් වන්නේ 2026 වසරේ ඔක්තෝබර් මාසයේදීයි.
හේලර් තමාට පැනවු තහනමට එරෙහිව ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
එහිදි ඇයට සහනයක් හිමිනොවුනොත් ඇගේ ටෙනිස් දිවිය එතනින් නිමාවන බවයි හේලර් සඳහන් කළේ.
සිමෝනා හේලර් 2018 වසරේදී ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව ජයගත් අතර 2019 වසරේදී අමෙරිකා විවෘත ටෙනිස් ශූරතාව ජයගත්තා.
