බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තුන් වැනි 20-20 තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත්වුණා.
එංගලන්ත පිල සිය ඉනිමේ එක් පන්දුවක් ඉතිරිව තිබියදී මෙම තරගය ජය ගත්තා.
ශාන්ත ජෝර්ජ් හි ජාතික ක්‍රීඩාගණයේදී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 222ක් රැස් කිරීමට සමත්වුණා.
නිකොලොස් පූරන් ලකුණු 82ක් රැස් කළ අතර රොව්මන් පවෙල් ලකුණු 39ක් රැස් කළා.
ලකුණු 223ක දැවැන්ත ඉල්කකයක් හඹා යාමට පිටියට පිවිසි පිල් සෝල්ට් සහ නායක ජොස් බට්ලර් පළමු කඩුල්ලට ලකුණු 115ක සබඳතාවක් ගොඩනැගුවා.
පිල් සෝල්ට් පන්දු 56කදී ලකුණු 109ක් රැස් කළේ හයේ පහර 9ක් සමගින්.
ජොස් බට්ලර් ලකුණු 51යි.
එංගලන්ත පිලට අවසන් පන්දුවාර 4දී ජයග්‍රහණයට ලකුණු 71ක් අවශ්‍යව තිබූ අතර හැරී බෘෘක් කොදෙව් පන්දු යවන්නනට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින් සිය කණ්ඩායමට ජය මාවත විවර කර දුන්නා.
ඒ අනුව අවසන් පන්දුවාරයේදී එංගලන්ත පිලට ලකුණු 21ක අවශ්‍යව තිබූ අතර අන්ද්‍රෙ රසල් ක්‍රියාත්මක කර එම පන්දුවාරයේදී හයේ පහර 3ක් සහ හතරේ පහරක් එල්ල කරමින් හැරී බෘෘක් සිය කණ්ඩායමට සුපිරි ජයග්‍රහණයක් රැගෙන ආවා.
හැරී බෘෘක් පන්දු 13කදි නොදැවී ලකුණු 31ක්.
