අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තුන්වන සති අන්තයේ තරග සිකුරාදා ආරම්භ වුණා.
තරගාවලියේ පැවති පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට CR & FC කණ්ඩායම සමත්වුණා.
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තුන්වන සති අන්තය ආරම්භ කරමින් පළමු තරගය පැවැත්වුණේ CR&FC කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතරයි.
ලොන්ඩන් පෙදෙසේ පැවති තරගයේ පළමු අර්ධයේදී විශිෂ්ඨ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට CR&FC කණ්ඩායම සමත්වුණා.
ඔවුන් පළමු අර්ධයේදී ලකුණු 22ක් රැස්කළ අතර ගුවන් හමුදා කණ්ඩායමට කිසිඳු ලකුණක් රැස්කිරීමට හැකිවුණේ නැහැ.
දෙවන අර්ධයේදී ක්‍රියාත්මක වූ CR&FC කණ්ඩායම සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 7ක් රැස්කරගත්තා.
එම අර්ධයේදී ලකුණු 5ක් රැස්කිරීමට ගුවන් හමුදා කණ්ඩායම සමත්වුණා.
ඒ අනුව ලකුණු 29 ට 5ක් ලෙස තරගයේ ජයහිමිකරගත්තේ CR&FC කණ්ඩායමයි.
