ශ්‍රී ලංකා පිලේ නායකත්වයේ වෙනස්කම් රැසක්

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් තුන සඳහා නව නායකයන් පත්කිරීමට තීරණය කර තිබෙනවා.

ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ, ටෙස්ට් නායකත්වය ධනංජය ද සිල්වාටත්, එක්දින නායකත්වය කුසල් මෙන්ඩිස්ටත්, විස්සයි විස්ස නායකත්වය වනිඳු හසරංගටත් ලබාදීමට තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බවයි.

ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වාට සහ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට ලබාදීමට නව තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායකත්වය කුසල් මෙන්ඩිස්ට පැවරීමට ද නව තේරීම් කමිටුව තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එහි උප නායකත්වයට චරිත් අසලංක පත් කිරීමට නියමිතයි.

නව තේරීම් කමිටුවේ තීරණයට අනුව විස්සයි විස්ස නායකත්වය වනිඳු හසරංගට හිමිවන අතර එහි උපනායකත්වය ද චරිත් අසංලක හොබවනු ඇති.

26 හැවිරිදි වනිඳු හසරංග මෙම වසරේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ බි ලව් කැන්ඩි කණ්ඩායමේ නායකත්වය දරමින් ශූරතාව තම කණ්ඩායමට ගෙනඒමට සමත්වුණා.

එල්.පී.එල්. අවසන් පූර්ව වටයේ තරගයේදී ආබාධයකට ලක්වූ වනිඳුට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මගහැරුණා.

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ලබන සඳුඳා යළි රැස්වීමට නියමිතයි.

එහිදි ජනවාරි මස ආරම්භවන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර නායකත්වය පිළිබඳවත් අවසන් තීරණය එදිනට ගනු ඇතැයි වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *