පාසල් ජාතික පාපන්දු ශූරතාව මඩකලපුව අලිගර් විද්‍යාලයට

ශ්‍රී ලංකා පාසල් ජාතික පාපන්දු ශූරතාව හිමිකර ගැනීමට මඩකලපුව අලිගර් මධ්‍ය මහා විද්‍යාලය සමත්වුණා.

ඒ අවසන් මහා තරගයේදී මරදාන සහිරා විද්‍යාලය පරාජය කරමින්.

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය මෙහෙය වූ ශ්‍රී ලංකා පාසල් ජාතික පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ සවස පැවැත්වීමට නියමිතව තිබුණත් වර්ෂාව හේතුවෙන් තරගය උදෑසන පැවැත්වීමට තරග සංවිධායකයන් තීරණය කළා

කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදී පැවති අවසන් මහා තරගයේ නියමිත කාලය අවසන් වනතුරු කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට සමත්වුණේ නැහැ.

ඒ අනුව තරගයේ ජයග්‍රාහකයන් තෝරා ගැනීම දඩුවම් පහර මඟින් සිදුකෙරුණා.

එහිදි දඬුවම් පහර හයට පහක් ලෙස තරගයේ ශූරතාව හිමිකරගත්තේ මඩකලපුව අලිගර් මධ්‍ය මහා විද්‍යාලයයි.

තරගයේ හොදම දැල්රකින්නා ලෙස කොළඹ සහිරා විද්‍යාලයේ එම් එච් එම් හෆීල් සම්මාන හිමිකරගත්තා

අවසන් මහ තරගයේ වීරයා සම්මානය හිමිකරගත්තේ අලිගර් මධ්‍ය මහා විද්‍යාලයේ එම් එම් එම් මුන්ෆීර්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *