SSC සහ පොලිස් කණ්ඩායම සම ශූරයන් වෙයි

අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී එස්.එස්.සී කණ්ඩායම සහ පොලිස් කණ්ඩායම සම ශූරයන් ලෙස අවසන් මහා තරගය නිමා කළා.

අවසන් මහා තරගය පැවැත්වුණේ කොළඹ එන් සී සී ක්‍රීඩාපිටියේදියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවු අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ තුන්දින තරග වෙනුවෙන් ක්‍රීඩා සමාජ 22ක් A සහ B ලෙස ඛාන්ඩ දෙකක් යටතේ තරග වැදුණා.

එහි A කාණ්ඩයේ ශූරයන් වූ එස්.එස්.සී කණ්ඩායමත් බී කාණ්ඩයේ ශූරයන් වූ පොලිස් කණ්ඩායමත් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තා.

අවසන් මහා තරගය සිව්දින තරගයක් ලෙස ක්‍රියාත්මක කිරීමට සංවිධායකයන් තීරණය කර තිබුණා.

තරගයේ පළමුව පන්දුට පහර දුන් එස්.එස්.සී කණ්ඩායම සිය පළමු ඉනිමටකඩුලු තුනක් දැවී ලකුණු 354 ක් රැස්කළා.

එහිදි අවිශ්ක ප්‍රනාන්දු රැස්කළ ලකුණු සංඛ්‍යාව 107ක්.

අනතුරුව තරගයේ ඉතිරි දින තුනටම වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා කණ්ඩායම් දෙකම සම ශූරයන් ලෙස නම් කෙරුණා.

මෙහිදී තරගයේ වීරයා සම්මානය එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ අවිෂ්ක ප්‍රනාන්දු හිමිකරගත් අතර තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගත්තේ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයේ රවිදු ප්‍රනාන්දු..

හොඳම පන්දු යවන්නා සම්මානය පොලිස් ක්‍රීඩා සමාජයේ මලින්ද පුෂ්පකුමාරට හිමිවුණා.

තරගාවලියේ හොඳම පිතිකරු ලෙස සම්මාන හිමිකර ගත්තේ එන් සී සි ක්‍රීඩා සමාජයේ ලහිරු උදාන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *