2024 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කරන ක්‍රීඩක ලැයිස්තුව තරගාවලියේ සංවිධායකයින් ඊයේ නිවේදනය කළා.
එම ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 8 දෙනෙක් ඇතුළත් කර තිබෙනවා.
ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන 19 වැනිදා ඩුබායිහීදි පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා ක්‍රීඩකයන් 1166ක් ලියාපදිංචිවී ඇති අතර ඉන් වෙන්දේසියට ඉදිරිපත් කර ඇත්තේ ක්‍රීඩකයන් 333 දෙනෙක් පමණයි.
ඒ ක්‍රීඩකයන් අතරිනුත් 119 දෙනෙක් විදෙස් ක්‍රීඩකයන් වන අතර 214 දෙනෙක් ඉන්දියානු ක්‍රීඩකයන් වනවා.
වෙන්දේසියේදි ක්‍රීඩකයන් 77 දෙනෙකු මිලදී ගැනීමට කණ්ඩායම් 10 හිමිකරුවන්ට අවස්ථාව පවතින අතර මේවනවිට පුරප්පාඩු වී ඇති විදෙස් ක්‍රීඩකයන් සංඛ්‍යාව 30ක්.
IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඉහළම මූලික වටිනාකමක් හිමි කාණ්ඩය වන ඉන්දීය රුපියල් කෝටි දෙකේ ඛාණ්ඩය යටතේ ක්‍රීඩකයන් 23 දෙනෙකු වෙන්දේසියට ඉදිරිපත් කර තිබෙනවා.
මීට පෙර මෙම කාණ්ඩය යටතේ ඇන්ජලෝ මැතිව්ස් වෙන්දේසියට ඉදිරිපත් කිරිමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණත් ඊයේ නිකුත් කළ ලැයිස්තුවේ මැතිව්ස් ඇතුළත් කර නැහැ.
ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ඉන්දිය රුපියල් කෝටි 1.5 කාණ්ඩයෙන් වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතයි.
වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇති ඉතිරි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන්නේ කුසල් මෙන්ඩිස්, ඩිල්ෂාන් මදුෂංක, චරිත් අසලංක,දසුන් ශානක,දුෂ්මන් චමීර , ලහිරු කුමාර සහ නුවන් තුෂාරයි.
ඒ සියලු දෙනාම ඉන්දියන් රුපියල් ලක්ෂ 50 කාණ්ඩයෙන් ඉදිරිපත් කර තිබෙනවා.
