2024 සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ?

වසරින් වසර කල් යමින් පවතින දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පකිස්තානයෙන් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ඇති හැකියාව පිළිබඳ කඩිනමින් සොයා බලන ලෙස ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ජාතික ඔලිම්පික් කමිටුව වෙත උපදෙස් දී තිබෙනවා.

2019 වසරේ කත්මණ්ඩු හි පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලින් පසුව එම ක්‍රීඩා උළෙල පැවැත්වීමේ අවස්ථාව පකිස්තානය වෙත පැවරීමට කටයුතු කළ ද එරට අභ්‍යන්තරයේ පවතින විවිධ ප්‍රශ්න හේතුවෙන් 2024 වසරේ හෝ එම ක්‍රීඩා උළෙල එරටදී පැවැත්වීමට හැකි වේ දැයි ප්‍රශ්නාර්ථයක් වී තිබෙනවා.

ඒ අනුව එම ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ඇති හැකියාව සොයා බලන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්, ජාතික ඔලිම්පික් කමිටුව, මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන්, රග්බි සහ පාපන්දු නිලධාරීන් සහභාගි වූ විශේෂ සාකච්ඡාවක දී ඇමැතිවරයා ඔලිම්පික් කමිටු බලධාරීන් වෙත අදාළ උපදෙස් දී තිබෙනවා.

14 වැනි ආසියානු ක්‍රීඩා උළෙල පසුගිය මාර්තු මාසයේ පකිස්තානයේ ලාහෝර් සහ පන්ජාබ් පළාත් කේන්ද්‍රකොටගෙන පැවැත්වීමට පකිස්තාන ඔලිම්පික් සංගමය සහ පකිස්තාන ආණ්ඩුව තීරණය කොට තිබූ නමුදු එරට අභ්‍යන්තරයේ පවතින විවිධ ප්‍රශ්න හේතුවෙන් උළෙල තවදුරටත් කල් ගියා.

එම ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ අවස්ථාව උදා වේ නම් ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ රාජ්‍ය මට්ටමේ සහාය තම උපරිමයෙන් ලබා දීමට සූදානම් බව ද ක්‍රීඩා ඇමැතිවරයා ඔලිම්පික් බලධාරීන්ට පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *