අරවින්දට උගත් පාසලෙන් උපහාර – මවත් රෝද පුටුවෙන් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සදාතනික වීරයන් ඇගයීම වෙනුවෙන් පිරිනැමෙන ICC Hall of Fame ගෞරව නාමයෙන් පිදුම් ලැබූ අරවින්ද ද සිල්වා හට ඔහු ඉගෙනුම ලැබූ කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය අද උපහාර පිරිනැමුවා.

ඒ විද්‍යාලයේ අද පැවති විශේෂ උපහාර පිදීමේ උත්සවයකදීයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සදාතනික වීරයන් ඇගයීම වෙනුවෙන් පිරිනැමෙන ICC Hall of Fame ගෞරව නාමයෙන් අරවින්ද ද සිල්වා ඉකුත්දා පිදුම් ලැබුවා.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම ක්‍රීඩකයෙකු වූ අරවින්ද ද සිල්වා ලද එම ගෞරව නාමය වෙනුවෙන් ඔහුට උපහාර පිදීමේ උත්සවයක් ඔහු ඉගෙනුම ලැබූ කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය විසින් අද සංවිධාන කර තිබුණා.

සිය මෑණියන් සහ බිරිඳ කැටුව විදුහල් භූමියට පැමිණි මේ අසහායා ක්‍රීඩකයාව ඩී එස් සේනානයක විද්‍යාලයේදී මහත් හරසරින් පිළිගනු ලැබුවා.

අරවින්ද සිල්වා මහතා වෙත උපහාර පිදීමේ විශේෂ උත්සවය පැවතුණේ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදීයි.

මෙම අවස්ථාව සිහිපත් කරමින් මෙහිදී විශේෂ සමරු මුද්දරයක්ද නිකුත් කරනු ලැබුවා.

රාජ්‍ය අමාත්‍යය ශාන්ත බණ්ඩාර මහතා විසින් එම සමරු මුද්දරය සහ සමරු කවරය අරවින්ද සිල්වා මහතා වෙත මෙහිදි පිරිනැමුවා.

මෙහිදී අරවින්ද ද සිල්වා මහතා විසින් ඩී එස් සේනානායක විද්‍යාලයේ පාසල් ක්‍රිකට් වෙනුවෙන් වටිනා මූල්‍යතාගයක්ද මෙහිදී පිරිනැමීම විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *