සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
මේ පිළිබඳ සාකච්ඡා තවමත් පැවැත්වෙන අතර අවසන් ඒකඟතාවකට තවම එළැඹ නැහැ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුතු නව තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා තීරණය කළ අතර ඊට සමගාමීව තවත් වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඒ් අනුව ක්‍රිකට් පිලේ පුහුණු උපදේශකවරයෙකු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරන අතරවාරයේ ඊට අමතරව සනත් ජයසූරිය උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට නියමිත බව සඳහන්.
මහේලට ක්‍රිකට් සංවර්ධන අංශයට අදාල වගකීම් පැවරී ඇති නමුත් ජයසූරියට නව විෂය පථයක වගකීමක් පැවරෙනු ඇති බවයි වාර්තාවන්නේ.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථාන උපදේශක ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ජයසූරිය 19න් පහල ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක තනතුරට ද පත් කරනු ඇති බව වාර්තා වනවා.
