2024 දී ශ්‍රී ලංකාවට පාපන්දු වසන්තයක්

2024 වර්ෂය ශ්‍රී ලංකා පාපන්දුවට ඉතාම කාර් බහුල වසරක් වන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ පාපන්දු නිවහනේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ශ්‍රී ලංකාවේ පාපන්දුවේ ඉදිරි සැලසුම් පිළිබද ඔහු මෙහිදී මාධ්‍ය දැනුවත් කළා.

මේ පාපන්දු සභාපතිවරයා මාධ්‍ය හමුවේදී පළ කළ අදහස්.

”ශ්‍රී ලංකාව පාපන්දු සම්මේලනයේ පසුගිය කාලයේ විශාල ගැටලු රාශියක් ඇතිවුණා. දැන් පලපුරුදු විධායක කමිටුවක් ඉන්නවා . පාපන්දුවේ වෙනසක් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි යම් අරමුණක් කරා ගමන් කරමින් ඉන්නවා. පරිපාලනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්මත කරලා තියෙනවා. ක්‍රීඩා සංගම් හැත්තෑ දෙකක්. යේමනය සමග තිබ්බ තරගයේදී අපි යළි දස්කම් අතරට ආවා. ශ්‍රී ලංකා පාපන්දු පිලේ දස්කම් ගැන මුළු රටම සතුටු වුණා. 2024 ඉතාම කාර්යබහුල වසරක් වෙයි අපිට. ලබන වසරේදී අපිට ජාත්‍යන්තර පාපන්දු තරග 24ක් ලැබෙයි. දකුණු ආසියානු 20න් පහළ පාපන්දු කුසලානයේ සත්කාරකත්වයත් අපිට ලැබිලා තියෙන්නේ. ”

”ඒ වගේම දේශිය තරග රාශියක් ආරම්භ කිරීමට නියමිත අතර අපි ජාත්‍යන්තර කැලැන්ඩරයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ෆීෆා ආයතනය සමග අපිට තියෙන සුහදත්වය පෙන්වන්න අවස්ථාවක් තමයි මේක. දිගුකාලීන හා මධ්‍ය කාලීන සැලසුම්වලට ෆීෆා ආයතනය අපිට ලබාදෙන දෙන සියලුම මුදල් අපි ලබා ගැනීමට සැලසුම් කර තියෙනවා. මේ හැම එකක්ම අපි කරන්නේ විනිවිදභාවයකින් යුතුවයි. ”

”2023 අපිට ලැබෙන්න තිබුණ මුදලුත් අපිට ලැබෙනවා. ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදි කරන්න අපි කටයුතු කරන් යනවා. එය අංග සම්පුර්ණ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක්. ශ්‍රී ලංකා පාපන්දුවලට නව ක්‍රමවේද අවශ්‍යයි. ඒක නිසා අපි දක්ෂ යොවුන් නිලධාරීන් පාපන්දු සම්මේලනයට බඳවා ගන්න සැලසුම කර තියෙන්නේ. ක්‍රීඩා අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය ,සෞඛ්‍ය, අමාත්‍යාංශය සමඟ එක්ව අපි ලොකු වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *