තායිලන්තයේ පැවති යොවුන් ලෝක ස්ක්‍රැබල් ( Scrabble ) තරගාවලියේ දී ලෝකයේ දක්ෂතම කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව ( Best Team ) පත් කරමින් , එම තරගාවලියේ ශූරතාවය සහ අනු ශූරතාවය දිනා ගත් ක්‍රීඩකයින් දෙදෙනා ඊයේ 5 රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
මෙම තරගාවලිය ඉකුත් දෙසැම්බර් 01 වනදා සිට 03 වනදා දක්වා තායිලන්තයේ ට්‍රැඩ් නුවර ලෝකයේ රටවල් 17 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 142 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණා.
එහිදී මෙම තරගාවලියේ දී ලෝක ශූරතාවය ගාල්ල මහින්ද විද්‍යාලයේ 16 හැවිරිදි හිවින් දිල්මිත් ( Hivin Dilmith ) ක්‍රීඩකයා දිනා ගැනීමට සමත් වුණා.
එසේම මෙම තරගාවලියේ අනු ශූරතාවය බත්තරමුල්ල ගේට්වේ පාසැලේ අදීශ දිසානායක ක්‍රීඩකයා දිනා ගැනීමට සමත් වී තිබුණා.
මෙම තරගාවලියේ තුන් වන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ කවිදු මළවරආරච්චි ක්‍රීඩකයා විසින් දිනා ගෙන තිබුණා.
මෙම තරගාවලියේ පළමු , දෙවන සහ තෙවන ස්ථාන ශ්‍රී ලංකාවට හිමි වීමත් සමග ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව මෙම යොවුන් ලෝක ස්ක්‍රැබල් ශූරතා තරගාවලියේ ලෝකයේ දක්ෂතම රට බවට පත් වී තිබෙනවා.
