මෙසිගේ ජර්සිවලට අදහාගත නොහැකි ලංසුවක්

ආර්ජන්ටිනා නායක ලියනොල් මෙසීගේ ජර්සි 6ක් වෙන්දේසි කිරීමට අමෙරිකානු වෙන්දේසි ආයතනයක් තීරණය කර තිබෙනවා.

එම ජර්සි වෙනුවෙන් ඩොලර් මිලියන 5.2 ක ආරම්භක ලංසුවක් හිමිව ඇති බවයි වෙන්දේසි ආයතනය නිවේදනය කළේ.
2022 වසරේ කටාර්හි පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී මෙසී ඇඳි ජර්සි 6ක් මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.

මෙසි ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු වට දෙකේදී ඇඳි ජර්සිය,16 දෙනාගේ වටයේදී ඇඳි ජර්සිය , අර්ධ අවසන් පූර්ව වටයේදී ඇඳි ජර්සිය ,අවසන් පූර්ව වටයේදී ඇඳි ජර්සිය සහ අවසන් මහා තරගයේ පළමු අර්ධයේදී ඇඳ සිටි ජර්සිය සමඟ ජර්සි 6ක් මෙලෙස අලෙවි කිරීමට නියමිතයි.

එම ජර්සි වෙනුවෙන් අමෙරිකා ඩොලර් මිලියන 10ක අවම ලංසුවක් වෙන්දේසි ආයතනය විසින් ලබාදී තිබෙනවා.

කෙසේවෙතත් වෙන්දේසි ආයතනය නිවේදනය කළේ වෙන්දේසිය ආරම්භයටත් පෙරම ජර්සිය වෙනුවෙන් ඩොලර් මිලියන 5.2 ක ආරම්භක ලංසුවක් හිමිවු බවයි.

ඒ අනුව මෙය ලොව මෙතෙක් අලෙවි කළ මිලෙන් අධිකම ක්‍රීඩා ඇඳුම බවට පත්වනු ඇති බවට වෙන්දේසි ආයතනය පුරෝකතනය කරනවා.

මෙම ජර්සි වෙනුවෙන් ලංසු තැබීම දෙසැම්බර් 14 වැනිදා සිට ආරම්භ වන අතර ඒ සමඟම එම ජර්සි නැරඹිමේ අවස්ථාවද ප්‍රේක්ෂකයන්ට හිමිවනවා..

මීට පෙර වැඩිම මිලකට අලෙවි වී ඇත්තේ පැසිපන්දු ක්‍රීඩක මයිකල් ජෝඩන් 1998 වසරේ පැවැති ජාතික පැසිපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී ඇඳි ජර්සියයි.

එම ජර්සිය 2022 සැප්තැම්බර් මාසයේදී ඩොලර් මිලියන 10.1 කට අලෙවි වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *