මාවරමණ්ඩියේ පාසලකින් ක්‍රිකට් වාර්තා 3ක්

පාසල් සීමිත පන්දුවාර තරගයකදී කණ්ඩායමක් රැස් කළ ඉහළ ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට කිරිබත්ගොඩ මාවරමණ්ඩිය නැණමලේ රාජකීය විද්‍යාලයේ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඉකුත්දා සමත්වුණා.

ඒ දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප පිරිවෙන් විද්‍යාලයීය කණ්ඩායමට එරෙහිවයි.

මාවරමණ්ඩිය නැණමලේ රාජකීය විද්‍යාලය සහ දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප පිරිවෙන් විද්‍යාලය අතර මෙම තරගය පැවැත්වුණේ කිරිඳිවැල CIO ක්‍රීඩාංගණයේදීයි.

මෙම තරගයේදි වාර්තා 3ක් පිහිටුවීමට කිරිබත්ගොඩ මාවරමණ්ඩිය නැණමලේ රාජකීය විද්‍යාලයීය කණ්ඩායම සමත්වුණා.

කිරිබත්ගොඩ මාවරමණ්ඩිය නැණමලේ රාජකීය විද්‍යාලයීය කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 9ක් දැවී ලකුණු 503ක් රැස් කළා.

එම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ පාසල් සීමිත පන්දුවාර තරගයකදී කණ්ඩායමක් රැස් කළ ඉහළ ලකුණු සංඛ්‍යාව ලෙසයි.

එම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල පළමු කඩුල්ලට ලකුණු 302ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වූ අතර එය පාසල් සීමිත පන්දුවාර තරගයකදී පිතිකරුවන් දෙදෙනෙකු ගොඩනැගූ වැඩිම ලකුණු සබඳතාවද වනවා.

චමෝද් චමත්ක ලකුණු 281ක් රැස් කළ අතර පාසල් සීමිත පන්දුවාර තරගයකදී ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ලකුණු සබඳතාවද එය වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *