දකුණු අප්‍රිකා සංචාරයේදී රෝහිත් සහ කෝලි විවේක ගන්වයි

දෙසැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත ඉන්දු – දකුණු අප්‍රිකා තරගාවලිය වෙනුවෙන් සහභාගීවන ඉන්දීය සංචිතය ඊයේ නම් කළා.

දකුණු අප්‍රිකා සංචාරයේ විස්සයි විස්ස සහ එක්දින තරගාවලියේදීත් නිත්‍ය නායක රෝහිත් ශර්මා සහ විරාත් කෝලි විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර එළඹෙන 10 වැනිදා ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස,එක්දින සහ ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන සංචිතය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ නිවේදනය කළා.

ඉන්දීය නිත්‍ය නායක රෝහිත් ශර්මා සහ විරාත් කෝලිව මෙම සංචාරයෙත් එක්දින සහ විස්සයි විස්ස තරගාවලියේදී විවේක ගැන්වීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඉන්දීය 20/20 කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සූර්ය කුමාර් යාදව්ට හිමිවී ඇති අතර එක්දින තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම මෙහෙයවන්නේ ලෝකේෂ් රාහුල් විසින්.

ඉන්දීය එක්දින සංචිතයේදී ගුබ්මන් ගිල්,ඉෂාන් කිෂන් සහ සූර්ය කුමාර් යාදව් විවේක ගන්වා තිබෙනවා.

මේ අතර ලෝකේෂ් රාහුල් , ශ්‍රෙයාස් අයියර් සහ ජස්ප්‍රිත් බුම්රා ඉන්දියා ටෙස්ට් සංචිතයට කැඳවා ඇති අතර අජින්කයා රහනේව ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබීම විශේෂත්වයක්.

විරාත් කෝලි සහ රෝහිත් ශර්මා ඉන්දීය සංචිතය සමඟ එක්වනනේ ටෙස්ට් තරගාවලියේදීයි.

එළඹෙන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය වෙනුවෙන් ඉන්දියාව ක්‍රීඩා කරන දෙවැනි ටෙස්ට් තරගාවලිය මෙය වනවා

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සිය දෙවන ධූරකාලය අරඹන රාහුල් ඩ්‍රාවිඩ්ගේ පළමු වගකීම ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියයි.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විසස් තරග තුනක් පැවැත්වෙන අතර තරගාවලිය දෙසැම්බර් 10 වැනිදා ආරම්භ වනවා.

අනතුරුව එක්දින තරගාවලියත් ඉන්පසු ටෙස්ට් තරගාවලියත් පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *