71වැනි ජාතික බැඩ්මින්ටන් තරගාවලිය දෙසැම්බර 4

71 වෙනි ජාතික බැට්මින්ටන් ශූරතාවලිය දෙසැම්බර් 4වැනිදා ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කොළඹදී පැවැත්වුණා.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ මෙහෙයවීමෙන් 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය දෙසැම්බර් 4 වැනිදා සිට 10 දක්වා පැවැත් වීමට නියමිතයි.

මෙවර තරගාවලියට දහසකට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගිවනු ඇති බවයි වාර්තා වන්නේ.

තරගාවලියේ තරග බැඩ්මින්ටන් ආයතනය,වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ගෘහස්ථ ක්‍රීඩාගාරය,ඩී. එස් සේනානායක විද්‍යාලයේ බැට්මින්ටන් ගෘහස්ථ ක්‍රීඩාගාරය, තුළදී පැවැත්වීමට නියමිතයි..

තරගාවලියේ සමාරම්භය දෙසැම්බර් 4 වැනිදා පැවැත්වෙන අතර මූලික තරග වට එදින ආරම්භ කිරීමට නියමිතයි..

මෙහිදී වයස අවුරුදු 11න් පහළ සිට අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩය දක්වා කනිෂ්ඨ අංශයේ තරඟ පැවැත්වෙන අතර වයස අවුරුදු 30ට සහ 70 ට වැඩි වයස් කාණ්ඩවල ජෙෂ්ඨ අංශයට ඇතුළත්.

කාන්තා පිරිමි තරග ද යුගලක් සහ මිශ්‍ර තරංගව ද පැවැත්වීමට නියමිතයි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *