වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා ජාතික යොවුන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට කොළඹ දකුණු කණ්ඩායම සමත්වුණා.
ඒ අවසන් තරගයේදී කොළඹ උතුර කණ්ඩායම පරාජය කරමින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවූ වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා ජාතික යොවුන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ කොළඹ උතුර කණ්ඩායම සහ කොළඹ දකුණු කණ්ඩායම අතරයි.
අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ දකුණු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 256ක් රැස්කරගත්තා.
රෙහාන් පීරිස් ලකුණු 129ක් රැස්කළ අතර ලසිරු සඳකැන් ලකුණු 40ක් රැස්කළා.
පන්දු යැවීමේදි සනිත් නෙත්සර, ලහිරු ලක්මාල් සහ , දසිත් පෙරේරා කඩුළු 2 බැගින් දවාගැනීමට සමත්වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ උතුර කණ්ඩායමට නියමිත පන්දුවාර 47 යි එක් පන්දුවක් අවසනායේදි සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු සංඛ්‍යාව 170ක් පමණයි.
සදීෂ් සිල්වා ලකුණු 47ක් රැස්කළ අතර ලහිරු ලක්මාල් ලකුණු 28 ක් රැස්කළා.
පන්දු යැවීම ජනුල් දම්හිරු ලකුණු 42 ට කඩුලු දෙකයි
ඒ අනුව ලකුණු 86 කින් තරගය ජයගත් කොළඹ දකුණු කණ්ඩායම ශූරතාවය හිමිකර ගත්තා.
අවසන් මහා තරගයේ වීරයා සම්මානය රෙහාන් පීරිස් හිමිකරගත්තා.
