2024 T20 ලෝක කුසලානයට එක්වන කණ්ඩායම් 20 ප්‍රකාශයට

ලබන වසරේ පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරගාවලියට එක්වන කණ්ඩායම් 20 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළා.

ලබන වසරේ පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරගාවලිය ජුනි 4 වැනිදා සිට ජුනි 30 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු වරට මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 20ක් එක්වන අතර මෙවර තරගාවලියට සිම්බාබ්වේ කණ්ඩායම සුදුසුකම් ලැබීමට අපොහොසත්වීම විශේෂත්වක්.

ඒ අනුව දකුණු අප්‍රිකාවට අමතරව මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියට අප්‍රිකානු කලාපයෙන් සුදුසුකම් ලැබුවේ නැමීබියාව සහ උගණ්ඩවයි.

අප්‍රිකානු කලාපයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී සිබ්බාබ්වේ කණ්ඩායම පරාජය කරමින් උගන්ඩාව මෙවර 20-20 ලෝක කුසාලන තරගාවලියේ සිය ස්ථානය වෙන්කර ගත්තා.

ශ්‍රී ලංකා පිලද මෙවර 20-20 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා සිටින අතර මෙවර තරගාවලියේදී පැවැත්වෙන මුළු තරග සංඛ්‍යාව 55ක්.

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක් සඳහා කණ්ඩායම් 20ක් තරග වදින පළමු අවස්ථාව මෙය වන අතර කාණ්ඩ 4ක් යටතේ මූලික වටයේ තරග පැවැත්වීමට නියමිතයි.

එම කාණ්ඩවල වැඩිම ප්‍රසාද ලකුණු හිමිකර ගන්නා කණ්ඩායම් දෙක බැගින් සුපිරි අටදෙනාගේ වටයට සුදුසුකම් ලබන අතර සුපිරි අට දෙනාගේ වටය කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට නියමිතයි.

සුපිරි අට දෙනාගේ වටයේදී එම කාණ්ඩ දෙකේ වැඩිම ප්‍රසාද ලකුණු හිමිකර ගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර අවසන් පූර්ව තරග ජය ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුතම් ලබන ඇති.

තරගාවලියට එක්වන කණ්ඩායම් 20 පහතින්

Afghanistan, Australia, Bangladesh, Canada, England, India, Ireland, Namibia, Nepal, Netherlands, New Zealand, Oman, Pakistan, Papua New Guinea (PNG), Scotland, South Africa, Sri Lanka, West Indies, Uganda, United States of America (USA).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *