ජාතික පාපන්දු පුහුණුකරුට සේවා දිගුවක්

ශ්‍රී ලංකා පාපන්දු පුහුණුකරු ඇන්ඩි මොරිසන්ගේ සේවා කොන්ත්‍රාත්තුව 2025 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ආසියානු පාපන්දු සංගමය සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

හිටපු මැන්චෙස්ටර් සිටි ක්‍රීඩක සහ ප්‍රවීණ ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු පුහුණුකරු ඇන්ඩි මොරිසන් 2022 ශ්‍රී ලංකාවට පැමිණි අතර ඉන් අනතුරුව 2026 ෆිෆා තරගාවලියේ යේමනය සමග පැවැති තරග දෙක ඉලක්ක කරගනිමින් පසුගිය සැප්තැම්බර් මාසයේදී යළි ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් වුණා.

ඒ අනුව 2025 ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරීමට නියමිත දකුණු ආසියානු පාපන්දු සම්මේලන ශූරතාවලියේ ශූරතාව වසර 30 කට පසු නැවත ජයග්‍රහණය කිරීමේ අරමුණින් මොරිසන්ගේ සේවා කොන්ත්‍රාත්තුව දිගු කිරීමට කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා විසින් මොරිසන් මහතා වෙත සේවා කොන්ත්‍රාත්තුවේ ලිපිය පුහුණුකරු ඇන්ඩි මොරිසන් වෙත ඉකුත්දා ලබාදුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *