කොළඹ D.S සේනානායකයේ මියුරුගෙන් තවත් ශතකයක්

අවුරුදු 13න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී තම දෙවැනි ශතකය රැස් කරමින් තුන් ඉරියව් දස්කම් දැක්වීමට කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ දකුණත් ආරම්භක පිතිකරු මියුරු බණ්ඩාර සමත්වුණා.

කොල්ලුපිටිය සාන්ත තෝමස් විදුහලට එරෙහිව පන්දු 58කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 100ක් රැස් කළ ඔහු පන්දු යැවීමේදී ලකුණු 18කට කඩුලු 5ක් දවා ගත්තේය. මෙම තරගයේදීම ඩී.එස්. පිලේ ෆයිස් අබ්දුල්ලා කඩුලු 6ක් බිඳ දමමින් දස්කම් දැක්වුවා.

තවත් තරගයකදී අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ශෂික අනුහස් කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.

ඩී.එස්. සේනානායක විදුහලට පළමු ඉනිමේ ජය

කොල්ලුපිටිය සා. තෝමස් පළමු ඉනිම – 57 (ඕවර 22.1) බ්‍රයන් ඩේමියන් 24 (මියුරු බණ්ඩාර 18/5, පිනිදු පබසර 23/4) සහ දෙවැනි ඉනිම – 124 (ඕවර 34.5) නේදන් කන්නංගර 49 (ෆායිස් අබ්දුල්ලා 39/6, පිනිදු පබසර 26/3)

ඩී.එස්. පළමු ඉනිම – 161/2 (ඕවර 16.5) මියුරු බණ්ඩාර නොදැවී 100 (නේදන් කන්නංගර 59/2)

රිච්මන්ඩ් විදුහලට ඉනිමක සහ ලකුණු 42ක ජයක්

ගාල්ල විද්‍යාලෝක පළමු ඉනිම – 84 (ඕවර 27.4) (හිරුක් අකලංක 22/4, මහීෂ දිම්සර 9/2) සහ දෙවැනි ඉනිම – 27 (ඕවර 19.3) (හිරුක් අකලංක 4/4, සඳිළු සුවහස් 0/3 , උදුල කුමුදක 1/2)

රිච්මන්ඩ් පළමු ඉනිම – 153/2 (ඕවර 20) දනිරු දිලන්මිත් 59, හිරුක් අකලංක 34

Leave a Reply

Your email address will not be published. Required fields are marked *