ක්‍රීඩා අතුරු කමිටු පත් කිරීමට කැබනට් අනුමැතිය අනිවාර්ය කරයි

ජාතික ක්‍රීඩා සංගම් අත්හිටුවමින් අතුරු කමිටු පත් කරන්නේ නම් මින් ඉදිරියට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු බවට කැබිනට් මණ්ඩලයේ ලේකම් ඩබ්ලිව්.එම්.ඩී ප්‍රනාන්දු මහතාගේ අත්සනින් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ. මහේෂන් මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

කැබිනට් තීරණ යටතේ මෙම ලිපිය ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමු කර ඇත්තේ පෙරේදා දිනයේදියි.

එහිදී පිළිපැදිය යුතු මාර්ගෝපදේශයක්ද ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා විසින් යොමුකර තිබෙනවා.

අතුරු කමිටුව පත් කිරීමට අදාළ ක්‍රීඩා සංගමය අයත් අන්තර්ජාතික සම්මේලනය දැනුවත් කිරීමද කළ යුතු බව එම ලිපියේ සඳහන්.

මෙම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ රටට නව ක්‍රීඩා පනතක් හඳුන්වාදෙන තුරු මෙම නියමය ක්‍රියාත්මක විය යුතු බවද එම ලිපියේ දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *