සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.
ඊයේ දිනය සඳහා තරගය නතර කරනවිට ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ ලහිරු උදාර සිය මංගල ශතකය වාර්තා කිරීමට සමත්වුණා
සර් විවියාන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම අරඹමින් පිටියට පිවිසියේ නිෂාන් මධුෂ්ක සමගින් ලහිරු උදාරයි.
ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 25ක් ලෙස සටහන්වනවිට ශ්‍රී ලංකා පිලේ කඩුලු දෙකක් දවාගැනීමට කොදෙව් පන්දු යවන්නන් සමත්වුණා.
තරගයේ තුන්වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ කමිඳු මෙන්ඩිස් , ලහිරු උදාර සමඟ එක්ව ශ්‍රී ලංකාව ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.
කමිඳු මෙන්ඩිස් සහ ලහිරු උදාර තුන්වන කඩුල්ලට ලකුණු 215ක සබඳතාවක් ගොඩ නැගු අතර එම සබඳතාව වාර්තා අතරට එක්වුණේ කැරිබියන් දූපත්හිදී ශ්‍රී ලංකාව වාර්තා කළ ඉහළම සබඳතාව ලෙසයි.
කමිඳු මෙන්ඩිස් ලකුණු 84ක් රැස්කළ අතර ඔහු ඊයේ වාර්තා කළේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 6වන ටෙස්ට් අර්ධ ශතකයයි.
ලහිරු උදාර සිය ටෙස්ට් දිවියේ මංගල ටෙස්ට් ශතකය ඊයේ වාර්තා කළ අතර සිය ද්විත්ව ශතකය පෙනි පෙනී ඔහු දැවීගියා.
ධනංජය ද සිල්වා ලකුණු 33යි.
ඒ අනුව ඊයේ දිනයට තරගය නතර කරනවිට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 338ක්.
