ඔස්ට්‍රේලියාවේ පැවති තුන්ප්‍රයාම තරගයකදී රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකවේ ෂේන් අමරසිංහ සමත්වුණා.
ඒ පැයයි විනාඩි 16යි තත්පර 10ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්.
බාගරා ස්ප්‍රින්ට් ඩිස්ටන්ස් තුන්ප්‍රයාම තරගය ඉකුත්දා ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බාගරා හිදි පැවැති අතර ඊට ශ්‍රී ලංකාවේ ෂේන් අමරසිංහ සහභාගි වුණා.
ඔහු මෙහිදී තරග කළේ අවුරුදු 25 – 29 වයස් කාණ්ඩයෙන්.
එම ඉසව්ව පැයයි විනාි 16යි තත්පර 10කින් නිම කළ ෂේන් අමරසිංහ එහි රන් පදක්කම දිනා ගැනීමට සමත්වුණා.
මෙම තරගය වයස් කාණ්ඩ ලෝක තුන් ප්‍රයාම ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයක් ලෙසයි පැවැත්වුණේ.
මෙහි දී ෂේන් අමරසිංහ කිලෝමීටරයක් වූ පිහිණුම් ඉසව්ව විනාඩි 21කින්ද, කිලෝමීටර් 20කින් සමන්විත වූ බයිසිකල් ධාවන ඉසව්ව විනාඩි 36 කින් සහ කිලෝමීටර් 5ක් වූ මාර්ග ධාවන ඉසව්ව විනාඩි 18 කින් නිමා කිරීමට සමත් වුණා.
මෙම තරගාවලිය බාගාර තුන්ප්‍රයාම ක්‍රීඩා සමාජය සහ ක්වීන්ස්ලන්ඩ් තුන්ප්‍රයාම සංගමය වාර්ශිකව සංවිධානය කරන අතර මේ සදහා ඕස්ට්‍රේලියාවේ සියළුම ප්‍රාන්ත නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන් සදහා විවෘත වුණා.
