ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් කිහිපදෙනෙක් ක්‍රීඩා අමාත්‍යවරයා අතින් අද සිය පත්වීම් ලිපි ලබාගත්තා.
ඒ ක්‍රීඩා අමාත්‍යංශයේදීයි.
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉකුත්දා ඉල්ල අස්වූ අතර ඒ සඳහා ක්‍රිකට් පරිවර්තන කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගත්තා.
හිටපු රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් කිහිපදෙනෙකු ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතින් අද සිය පත්වීම් ලිපි ගත්තා.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා අතින් සිය පත්වීම් ලිපි මෙලෙස අද ලබාගත්තේ සිදත් වෙත්තමුනි, තුශිර රදැල්ල, ප්‍රකාශ් රාෆ්ටර්, සහ අවන්ති කොළඹගේයි.
