ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකෙන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් යොවුන් වියේ තැබූ ලෝක වාර්තාවක් බිඳ හෙලීමට 18 හැවිරිදි ඔස්ට්‍රේලියා ජාතික ගවුට් ගවුට් සමත්වුණා.
ඒ ඔස්ට්‍රේලියා ජාතික මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදී මීටර 200 ධාවන ඉසව්ව තත්පර 19යි දශම 6යි 7කින් නිම කරමින්.
ඔස්ට්‍රේලියා ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය පැවැත්වුණේ සිඩ්නි නුවරදීයි.
එහිදී , ඕස්ට්‍රේලියානු ජාතික 18 හැවිරිදි ගවුට් ගවුට් මීටර් 200 ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.
ඒ ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකෙන උසේන් බෝල්ට් සිය යොවුන් වියේදී පිහිටුවා තිබූ ලෝක වාර්තාවක් අභිබවා යමින්.
ඕස්ට්‍රේලියානු ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී තත්පර 19.67 ක සුපිරි කාලයක් වාර්තා කරමින් ගවුට් ගවුට් මෙම වාර්තාව පිහිටුවූවා.
මෙය මෙතෙක් මීටර් 200 ඉසව්වෙන් 20න් පහළ ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම කාලය ලෙස ඉතිහාසයට එක් වුණා.
2004 වසරේඋසේන් බෝල්ට් වයස අවුරුදු 17 දී මීටර් 200 ඉසව්ව තත්පර 19.93 කින් නිම කර තිබුණ.
බෝල්ට් සිය යොවුන් වියේදී වාර්තා කළ එම හොඳම කාලයට වඩා ගවුට් ගවුට් මෙහිදී තත්පර 0.26 ක් වේගවත් වීම කැපී පෙනෙන සිදුවීමක්.
මීට පෙර එම ඉසව්වේ 20න් පහළ ලෝක වාර්තාව තත්පර 19.69 ක් ලෙස ඇමරිකානු ක්‍රීඩක එරියන් නයිටන් සතු වූ අතර, ගවුට් එම වාර්තාව ද තත්පර 0.02 කින් අලුත් කිරීමට සමත් වුණා.
ගවුට් ගවුට් තත්පර 20 සීමාව පසුකළ ලොව ලාබාලතම ක්‍රීඩකයෙකු ලෙස ද ඉතිහාසයට එක් වූ අතර මලල ක්‍රීඩා විචාරකයින් පවසන්නේ උසෙන් බෝල්ට්ගෙන් පසු ගවුට් ගවුට් ලෝක මලල ක්‍රීඩා පිටියට බිහි වූ සුවිශේෂී ක්‍රීඩකයෙකු බවයි.
