ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිතර ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල සත්කාරක ඔස්ට්‍රේයා යොවුන් කාන්තා පිලට එරෙහිව 20-20 තරග ජයක් වාර්තා කිරීමට අද සමත්වුණා.
ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල මෙලෙස ඔස්ට්‍රේලියාව පරාජයට පත් කළේ අඛණ්ඩව 7 වැනි වරටයි.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 9 ක් දැවී ලකුණු 91ක් රැස් කිරීමට සමත්වුණා.
අයිලා ජොන්සන් 18ක් රැස් කළ අතර ලිමන්සා තිලකරත්න ලකුණු 26කට කඩුලු 3ක් සහ නායිකා චමුදි ප්‍රබෝධා ලකුණු 21කට කඩුලු දෙකක් දවා ගත්තා.
ලකුණු 92ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු දෙකක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
ප්‍රමුදි මෙත්සරා නොදැවී ලකුණු 21ක් රැස් කළ අතර දනෝද්‍යා සෙව්මිණී ලකුණු 14ක් සහ ලිමන්සා තිලකරත්න 12ක් රැස් කළා.
ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල හමුවේ ඔස්ට්‍රේලියාව ලද අඛණ්ඩව ලද 7 වැනි පරාජය මෙයයි.
ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල මීට පෙර පැවති 20-20 තරගයේදී එංගලන්ත යොවුන් කාන්තා පිල ලකුණු 8කින් පරාජය කිරීමටද සමත්වුණා.
