ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට IPL තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරය හිමිව තිබෙනවා.
ඒ ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත්වීමත් සමගයි.
මෙවර අයි පී එල් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී මතීෂ පතිරණව ඉන්දීය රුපියල් කෝටි 18කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මිලදී ගත් අතර එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 61කට අධිකයි.
මෙවර අයි පී එල් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 8 දෙනෙකු සහභාගිවීමට නියමිතව සිටි අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා නිවේදනය කළේ නියමිත ශාරීරික යෝග්‍යතා මට්ටම නොමැති කිසිදු ක්‍රීඩකයෙකුට දේශිය මෙන්ම විදෙස් ලීග් තරග සඳහා අවසර ලබාදෙන බවයි.
එවන් පසුබිම මෙවර අයි පී එල් තරගාවලියට එක්වීමට මේ දක්වා අවසර හිමිව තිබුණේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත්වූ ක්‍රීඩකයින් පස් දෙනෙකුට පමණයි.
මතීෂ පතිරණ පසුගිය 20-20 ලෝක කුසලාන තරගාවලියේදී ආබාධයට ලක්වූ අතර මේ හේතුවෙන් ඔහුට සති සති ගණනක් පුහුණුවීම් සිදු කිරීමට හැකියාව ලැබුණේ නැහැ.
සිය ආබාධ තත්වය සුව වූ පසු මතීෂ පතිරණ පුහුණුවීම් ආරම්භ කළ අතර ඔහු මේ වන විට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන්ද සමත්වී තිබෙනවා.
ඒ අනුව ඔහුට අයි පී එල් තරගාවලියට එක්වීමට අවසර ලබාදීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.
මතීෂ පතිරණ නුදුරු දිනකදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමගින් එක්වීමට නියමිතව තිබෙනවා.
