ගැරී කර්ස්ටන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල භාරදෙයි

DALLAS, TEXAS - JUNE 05: Head coach Gary Kirsten of Pakistan looks on during a net session as part of the ICC Men's T20 Cricket World Cup West Indies & USA 2024 at Grand Prairie Cricket Stadium on June 05, 2024 in Dallas, Texas. (Photo by Matt Roberts-ICC/ICC via Getty Images)

ලොව සාර්ථක ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස සැලකෙන දකුණු අප්‍රිකා හිටපු ආරම්භක පිතිකරු ගැරී කර්ස්ටන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඔහු වසර දෙකක කාලයක් මෙලෙස ගිවිසුම් ගත තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මීට පෙර සනත් ජයසූරිය කටයුතු කළ අතර ඔහු මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු සිය කොන්ත්‍රාත් ගිවිසුම අවසන් වීමට පෙර එම  ධුරයෙන් ඉවත් බව ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව නව පුහුණුකරුවෙකු පත් කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වූ අතර ඒ සඳහා විදෙස් පුහුණුකරුවෙකු පත් කිරීමටයි මෙහිදී වැඩි අවධානයක් යොමු වුණේ.

ඒ අනුව විදෙස් පුහුණුකරුවන් කිහිපදෙනෙකු පිළිබඳ අවධාන යොමු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දකුණු අප්‍රිකා හිටපු ආරම්භක පිතිකරු සහ පුහුණුකරුවෙකු වන ගැරී කර්ස්ටන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත් කිරීමට පියවර ගත්තා.

ඔහු ලබන අපේල් මස 15 වැනිදා සිට වසර 2ක කාලයක් සඳහා මෙලෙස ගිවිසුම් ගතව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයකතනය අද නිවේදනය කළේ 2027 වසරේ දකුණු අප්‍රිකාව, නැමිබියාව සහ සිම්බාබ්වේ යන රටවල සත්කාරකත්වයෙන් පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම ඔහුගේ ප්‍රධාන වගකීම වන බවයි.

ගැරී කර්ස්ටන් ඉතා ක්‍රමානුකූල සහ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය මනාව හඳුනාගෙන කටයුතු කරන පුහුණුකරුවෙකු ලෙස ප්‍රකටයි.

2008 වසරේ සිට 2011 වසර දක්වා ගැරී කර්ස්ටන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ 2011 වසරේදී ඉන්දියාව එක්දින ලෝක කුසලාන දිනා ගත්තේද ගැරී කර්ස්ටන්ගේ ප්‍රධාන පුහුණුකාරීත්වය යටතේයි.

ඔහුගේ මගපෙන්වීම යටතේ ඉන්දියාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයටද පත් වුණා.

2011 වසරේ සිට 2013 දක්වා දකුණු අප්‍රිකාවේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ගැරී කර්ස්ටන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයට රැගෙන ඒමද කැපී පෙනුනා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩාය 2022 වසරේ අයි පී එල් ශූරතාව දිනා ගත්තේද ගැරී ගැරී කර්ස්ටන්ගේ උපදේශකත්වය යටතේයි.

ඔහු කලක් පකිස්ථාන සීමිත පන්දුවාර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළ අතර මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී නැමීබියා කණ්ඩායමේ උපදේශක ලෙසද කටයුතු කළා.

ගැරී කර්ස්ටන්ගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය සහ මානසික ශක්තිය ඉහළ නැංවීමට විශාල අවස්ථාවක් ලැබෙන අතර විශේෂයෙන්ම තරුණ ක්‍රීඩකයන්ට ඔහුගේ අත්දැකීම් මහත් පිටුවහලක් වනු ඇති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *