තුන්දින සංචාරයක් සඳහා ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනොල් මෙසී අද අලුයම ඉන්දියාවට පැමිණියා.
ඔහු දැක බලා ගැනීමට කොල්කටා ගුවන්තොටුපොළ වෙත ඉන්දීය පාපන්දුලෝලීන් රැසක් පැමිණ සිටියා.
ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසීගේ පැමිණිම අපේක්ෂාවෙන් ඉන්දීය පාපන්දුලෝලීන් රැසක් කොල්කටා ගුවන්තොටුපොළ වෙත පැමිණි සිටියා.
මෙසීගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් කොල්කටා නුවර ආරක්ෂාවද තරග කර තිබුණේ මෙලෙසින්.
ලියොනොල් මෙසී තුන්දින සංචාරයක් සඳහා අද අලුයම එකයි තිහට පමණ කොල්කටා නුවරින් ඉන්දියාවට පැමිණියා.
මෙසී මෙලෙස ඉන්දියාවේ සංචාරයක නිරත වන්නේ වසර 14කට පසුවයි.
මෙසීගේ මෙවර ඉන්දීය සංචාරය නම් කර ඇත්තේ ගෝට් ඉන්දියා ටුවර් නමින්.
අනතුරුව දැඩි රැකවල් මැද මෙසී සිය හෝටලය වෙත රැගෙන ගියේ මෙලෙසින්.
ලියොනොල් මෙසී නවාතැන්ගෙන සිටින කොල්කටා නුවර හෝටලය ඉදිරිපිටටද ඔහු දැක බලා ගැනීමට ක්‍රීඩාලෝලීන් රැසක් පැමිණ සිටියා.
කොල්කටා නුවරින් ඉන්දියාවට පැමිණි මෙසී පිළිගැනීමට සැමරුම් උත්සව කිහිපයක්ම සංවිධාන කර තිබෙන අතර එහිදී අඩි 70ක් උසැති මෙසීගේ අනුරුවක්ද නිරාවරණය කිරීමට නියමිතයි.
ලියොනොල් මෙසි සිය ඉන්දීය සංචාරයේදී කොල්කටා, හයිද්‍රාබාද්, මුම්බායි සහ නවදිල්ලි හිදි විශේෂ උත්සව කිහිපයකට සහභාගිවිමට නියමිතව තිබෙනවා.
කොල්කටා නුවර මෙසීගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන උත්සවකට බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ද එක්වීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක සව්රව් ගංගුලිද මෙසී අද සහභාගිවන උත්සවයකට එක්වීමට නියමිතයි.
මෙසීගේ ඉන්දීය සංචාරයේදී ඔහු සමග ඡායාරූප ගැනීමට ක්‍රීඩාලෝලීන් සියදෙනෙකුට අවස්ථාව හිමිවන අතර එහිදි එක් ක්‍රීඩාලෝලියෙකු ශ්‍රී ලංකා මුදලින් මිලියන 4ක පමණ මුදලක් සංවිධායකයින් ගෙවිය යුතු වනවා.
අද පස්රුවේ ලියොනොල් මෙසී හයිබාද් නුවර පැවැත්වෙන උත්සව කිහිපයකට සහභාගිවන අතර ඔහු හෙට දිනයේ මුම්බායි නුවර පැමිණිමට නියමිතයි.
එමෙන්ම මෙසී ලබන සඳුදා නවදිල්ලි නුවර පැමිණෙන අතර ඔහු එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද හමුවීමට නියමිතව තිබෙනවා.
