ජාත්‍යන්තර මට්ටමින් ඉදිකරන ලද ගෘහස්ථ පුහුණු අංගණය විවෘත කෙරේ

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටුවා තිබෙන ජාතික උසස් දක්ෂතා පුහුණු මධ්‍යස්ථානයට අත්‍යවශ්‍ය අංගයක් වන නවීන පහසුකම්වලින් සමන්විතව ජාත්‍යන්තර මට්ටමින් ඉදිකරන ලද ගෘහස්ථ පුහුණු අංගණය අද ක්‍රීඩක අයිතියට පත් කෙරුණා.

රුපියල් මිලියන 600ක් වැය කරමින් ඉදිකළ මෙම පුහුණු අංගණනය ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් විසින් විවෘත කරනු ලැබුවා.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රෙය් පිහිටුවා තිබෙන ජාතික උසස් දක්ෂතා පුහුණු මධ්‍යස්ථානයට අත්‍යවශ්‍ය අංගයක් වන නවීන පහසුකම්වලින් සමන්විතව ජාත්‍යන්තර මට්ටමින් ඉදිකරන ලද ගෘහස්ථ පුහුණු අංගණය ඊයේ ක්‍රීඩක අයිතියට පත් කිරීමේ උත්සවය අද පැවැත්වුණා.

ඒ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම ගෘහස්ථ පුහුණු අංගනයේදී දඟ පන්දු යැවීම සහ වේග පන්දු යැවීමට අදාළ වන පිතිකරණ පුහුණුවීම් සදහා අවශ්‍ය සම්පූර්ණ පහසුකම් සපයනු ඇති.

පුහුණු මං තීරු 7 කින් සමන්විත වන මෙම ගෘහස්ථ දැල් පුහුණු අංගනයේ තීරු 2 ක් දඟ පන්දු යවන්නන්ට ද තීරු 2 ක් වේග පන්දු යවන්නන්ට උචිත ආකාරයෙන් ද අනෙක් තණතීරු සාමාන්‍ය තණතීරු ලෙසින් ඉදිකර තිබෙනවා.

වැසි සහිත කාලගුණ තත්ත්වයන් යටතේ වුවද අඛණ්ඩව පුහුණුවීම් සඳහා නිර්මාණය කර ඇති මෙම පහසුකම හරහා ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම්, ‘ඒ‘ කණ්ඩායම්. නැගීඑන කණ්ඩායම් සහ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම් මෙන්ම අවු. 17න් පහළ සහ 15න් පහළ යන වයස් කාණ්ඩවල ජාතික සංචිත නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගේ පිතිකරණ පුහුණුවීම් වැඩිදියුණු කරගැනීම වෙනුවෙන් යොදා ගත හැකියි.

ඉදිකරන ලද ගෘහස්ථ පුහුණු අංගණය ඊයේ ක්‍රීඩක අයිතියට පත් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායමේ නායකයින් වන ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක ඇතුළු ක්‍රීඩකයින් සහ කාන්තා කණ්ඩායමේ, අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද එක්ව සිටියා.

ජාත්‍යන්තර ප්‍රමිතියේ ක්‍රීඩා පිටිය, එළිමහන් පුහුණු තණතීරු 42, සම්පූර්ණ උපකරණ සහිත කායවර්ධන ව්‍යායාම් ශාලා පහසුකම්, මංතීරු 07 කින් සමන්විත නවීන පිහිනුම් තටාකය, තරග විශ්ලේෂණය සඳහා බුද්ධි කේන්ද්‍රය (Brain Center) සහ භෞත චිකිත්සක ඒකකය සමඟ මෙම නව ගෘහස්ථ පුහුණු අංගනය එකතු වීම, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා තිබෙන ජාතික උසස් දක්ෂතා පුහුණු මධ්‍යස්ථානය කාර්ය සාධනය තවදුරටත් ශක්තිමත් කරනු ඇති.

මෙම ගෘහස්ත දැල් පුහුණු අංගණය විවෘත කරනු ලබන්නේ ශ්‍රී ලංකාව එළැඹෙන 2026 ජාත්‍යන්තර ක්‍රිකට් දින දර්ශනය සඳහා සූදානම් වන තීරණාත්මක අවස්ථාවකදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *