යුරෝපා කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අයර්ලන්තය සමග පැවති තරගයේදී සිදුකල, විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් පෘතුගාල සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදී තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා කටයුතු කළා.
ජාත්‍යන්තර පාපන්දු පිටියේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදුන් පළමු අවස්ථාව මෙයයි.
යුරෝපා කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ අයර්ලන්තය සහ පෘතුගාලය අතර තරගය ඊයේ පැවැත්වුණේ අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදීයි.
තරගයේ 61 වැනි මිනිත්තුවේදී අයර්ලන්ත දඬුවම් සීමාව තුළදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අයර්ලන්ත ක්‍රීඩකයෙක්ට වැලමිටෙන් පහරක් එල්ල කළා.
එය පාපන්දු නීතිවලට අනුව විනය විරෝධී ක්‍රියාවක් වීම හේතුවෙන් විනිසුරුවරයා රොනාල්ඩෝට කහකාඩ්පතක් ලබාදුන්නද රූපවාහිනී විනිසුරු විමසීමෙන් අනතුරුව රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදුන්නා.
ඒ අනුව රොනාල්ඩෝට තරගයෙන් ඉවත්වීමට සිදුවූ අතර ජාත්‍යන්තර පාපන්දු පිටියේදී රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදුන් පළමු අවස්ථාව මෙයයි.
ජාත්‍යන්තර පාපන්දු නීතිවලට අනුව රොනාල්ඩෝට ලැබුණු රතු කාඩ්පත හේතුවෙන් ඔහුට තවත් තරග 3ක් ක්‍රීඩා කිරීම තහනම් වනවා.
පෘතුගාලය තවත් එක් ලෝක කුසලාන සුදුකම් ලැබීමේ තරගයකට ක්‍රීඩා කිරීමට නියමිත අතර යම් හෙයකින් පෘතුගාලය සෘජුව 2026 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවහොත් ඔහුට පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ පලමු තරග දෙක අහිමිවනවා.
