20-20 නායකත්වය යළි දසුන්ට – පවන්වත් කැඳවයි

කෙසේවෙතත් පාකිස්තානයේදී හෙට ආරම්භවන තුන්කොන් 20-20 තරගාවලිය සඳහා පවන් රත්නායක ශ්‍රී ලංකා 20-20 සංචිතයට කැඳවා තිබෙනවා.

20-20 නිත්‍ය නායක චරිත් අසලංකට උණ ‍වැළදීම හේතුවෙන් තුන්කොන් 20-20 තරගාවලියට සහභාගි නොවන අතර ඔහු සහ අසිත ප්‍රනාන්දු යළි දිවයිනට පැමිණිමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව තුන්තොන් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහයවීමේ වගකීම දසුන් ශානකට පැවරී තිබෙනවා.

තුන්කොන් 20-20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය ලබන බ්‍රහස්පතින්දා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *