ආසියානු සුපර් කප් පාපන්දු තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට මාලදිවයින් පාපන්දු කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ කොළඹ තුරඟ තරග පිටියේ පැවති තරගයේදී ශ්‍රී ලංකාවට ගෝල 3ට බින්දුවක් ලෙස පරාජය කරමින්.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත දකුණු ආසියානු සුපර් කප් පාපන්දු තරගාවලියේ පළමු තරගය කොළඹ තුරඟ තරග පිටියේදී ඊයේ පැවැත්වුණා.
පළමු අර්ධය නිමා වන විට ගෝල 2ට 0ක් ලෙස පෙරමුණ ගත්තේ මාලදිවනයි.
මෙම තරගයේදි ශ්‍රී ලංකාවට ගෝල වාර්තා කිරීමට තිබූ අවස්ථා කිහිපයක් දැල ආසන්නයේදී ගිලිහී ගියා.
දෙවන අර්ධයේදී අවසන් භාගයේදී දෙපිලේ ක්‍රීඩකයින් අතර උණුසුම් තත්වයක් ඇති වූයේ මෙලෙසින්.
දෙවන අර්ධයේ ලබාදුන් අතිරේක කාලයේදී තවත් ගොල්යක් වාර්තා කළ මාලදවයින් කණ්ඩායම ගෝල 3ට0ක් ලෙස මෙම තරගය ජය ගත්තා.
දෙපිල අතර දෙවන පාපන්දු තරගය ලබන අඟහරුවාදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතයි.
