කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අන්ත අසරණ තත්වයකට පත් කළ ශ්‍රී ලංකා කරාතේ සම්මේලනයේ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා.
ආසියානු කරාතේ ශූරතා තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටියද වීසා නොලැබීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොලේදී අන්ත අසරණ වූ කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ දෙමව්පියන් ඊයේ ක්‍රීඩා අමාත්‍යවරයා හමුවුණා.
චීනයේ පැවැත්වෙන 23 වැනි ආසියානු කරාතේ ශූරතා තරගාවලියට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වීසා නොලැබීම හේතුවෙන් චීනය බලා පිටත්වීමට නොහැකි වීම පිළිබඳව අපි පසුගියදා අනාවරණය කළා.
සිය දරුවන්ට සිදුවූ මෙම අසාධරණය සම්බන්යෙන් එම කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමව්පියන් අද ක්‍රීඩා අමාත්‍යවරයා හමුවී මෙහිදී කරාතේ දෝ සම්මේලනයේ නිලධාරීන් කළ අසාධාරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.
