රොස් ටේලර් සිය මවගේ රටෙන් යළිත් පිටියට

2022 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත් නවසීලන්ත හිටපු සුපිරි ක්‍රීඩක රෝස් ටේලර් යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට ගෙන තීරණය අද ක්‍රිකට් ලොවම මවිතයට පත් කළ පුවතක් බවට පත් වුණා.
නමුත්, නවසීලන්ත හිටපු නායක ටේලර් මෙවර ජාත්‍යන්තර පිටියට පිවිසීමට සූදානම්ව සිටින්නේ නවසීලන්තය නියෝජනය කරමින්නම් නෙවෙයි.
ඉන්දියාවේදී හා ශ්‍රී ලංකාවේදී 2026 වසරේදී පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලාන තරගාවලිය සදහා නැගෙනහිර ආසියා පැසිෆික් සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඉදිරියේදී ආරම්භ වීමට නියමිතව ඇති අතර, එම තරගාවලියේදී සැමෝවා කණ්ඩායම නියෝජනය කරමිනුයි 41 වන වියේ පසුවන ටේලර් යළි ජාත්‍යන්තර පිටියට පිවිසීමට නියමිතව ඇත්තේ.
ඒ අනුව සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා ක්‍රීඩා කරන 15 දෙනෙකුගෙන් යුත් සැමෝවා සංචිතයට ද ටේලර් නම් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඔහු තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ද සටහනක් තබමින් තහවුරු කළා.
ඔහුගේ මව සැමෝවා සම්භවයක් සහිත කාන්තාවක්. ඒ අනුවයි ඔහුට මෙලෙස සැමෝවා රට නියෝජනය කරමින් ජාත්‍යන්තර පිටියට පිවිසීමට අවස්ථාව උදා වී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *