ශ්‍රී ලංකා යොවුන් රග්බි පිලට ආසියානු අනූශූරතාව

වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සමාජික රග්බි තරගාවලියේ අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට ශ්‍රී ලංකා යොවුන් රග්බි කණ්ඩායම සිදුවුණා.

ඒ හොංකොං පිල හමුවේ පරාජය වෙමින්.

ඉන්දියාවේ බිහාර් හී පැවැත්වූ වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගය සඳහා අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ හොංකොං කණ්ඩායමයි

තරගයේ ආරම්භයේ සිටම ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කළ හොංකොං කණ්ඩායම තරගයේ පළමු අර්ධය ලකුණු 19ට 0ක් ලෙස පෙරමුණ ගත්තා.

දෙවැනි අර්ධයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ක්‍රියාත්මක වීමට ඉඩනොදුන් හොංකොං ක්‍රීඩකයින් තරගය අවසන් කළේ ලකුණු ලකුණු 33ට 0ක් ලෙස දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකාවට අත්කර දෙමින්.

ඒ අනුව මෙවර වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සමාජික රග්බි තරගාවලියේ ශූරතාව හොංකොං කණ්ඩායම දිනාගනිද්දී අනු ශූරතාවයෙන් සෑහීමකට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *